කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පහරදීමට තැත් කර ඇති බව පවසමින් ඔහුගේ ආරක්ෂාවට සිටින ඇමති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිල්ලක් කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.
පෙරේදා (13) බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට ගොස් යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී මන්ත්‍රීවරයා සුඛෝපභෝගී ජීප් රථයෙන් පිටුපසින් පැමිණ යතුරු පැදිය නවතා තමන්ට පහර දුන් බව පවසමින් පානදුර දිග්ගල ජාතික නිදහස් පෙරමුණේ හිටපු සංවිධායක විශ්වනාත් අල්විස් යන අය බණ්ඩාරගම පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.
මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා තමන්ගේ අත් දෙකින් අල්ලාගෙන සිටියදී මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් එක්ව තමන්ට පහර දුන් බවත් අනතුරුව මන්ත්‍රීවරයා පා පහරක් ද තම යටි බඩ ප්‍රදේශයට එල්ල කළ බවත් පවසමින් එම පුද්ගලයා පොලිසියට පැමිණිලි කර තිබිණි.
පහර කෑ බව කියලා පුද්ගලයා පැමිණිල්ල සිදු කරමින් සිටියදී සිහිසුන්ව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුල ඇද වැටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් සහ ඔහු සමඟ පැමිණි පුද්ගලයන් එක්ව මූලික ප්‍රතිකාර ලබා දී 1990 සුවසැරිය ගිලන් රථයෙන් රෝහල්ගත කර තිබුණි.
පැමිණිලි සිදුකල දෙපාර්ශවයම එකම දිනක පොලිසිය වෙත කැඳවා පැමිණිල්ල විභාග කරන බවත් බණ්ඩාරගම පොලීසිය පවසයි.
බණ්ඩාරගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 Comments