ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සුපිරි ජයක්...

 



ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ජය ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ කඩුළු 9කින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 121ක් පමණීයි.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ජෝර්දාන් ලකුණු 43ක් රැස්කර ගත්තේ පන්දු 22කදීයි.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට 6යේ හර 4ක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

විජයකාන්ත් වියස්කාන්ත් ද කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4කදී ලකුණු 122ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 62ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහරක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වේ.

අවිශ්කා ප්‍රනාන්දු ලකුණු 51ක් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ තරග දෙකම ජය ගැනීමට සමත්ව තිබේ.

Post a Comment

0 Comments