මියගිය විශේෂඥ වෛද්‍යවරයකුගේ බොරැල්ල ෆෙයාර් ෆිල් උද්‍යානයේ රුපියල් කෝටි ගණනාවක දෙමහල් නිවසට හිමිකම් පාමින් සෙල්ලම් පිස්තෝලයක් රැගෙන එම නිවසට ඇතුළුවී එහි සිටි පුද්ගලයන් ග්‍රහණයට ගෙන මරණීය තර්ජනය කර පලවා හැරීමට උත්සාහ දැරූ පුද්ගලයන් 6 දෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.
එලෙස අත්අඩංගුවට ගත් කාන්තාව මියගිය පාතාල කල්ලි නායකයකු වන "වනාතේ ඕල්කට්" නමැත්තාගේ පුංචි අම්මා බව පොලිසිය පවසයි.
මීට දින කීපයකට ඉහතදී වෛද්‍යවරයා මියගොස් තිබූ අතර කැලිෆෝනියාවේ වෙසෙන ඔහුගේ පුතු පැමිණ අවසන් කටයුතුවලට සහභාගි වී නැවත එරටට ගොස් තිබූ බව පොලිසිය පවසයි.
එයින් දින කිහිපයකට පමණ පසු මහනුවර සිට පැමිණි බව පවසමින් තරුණියක් සමග පැමිණි සැකකාර කාන්තාව වෛද්‍යවරයා ජීවත්ව සිටි කාලයේ ලක්ෂ 80 ක මුදලකට දෙමහල් නිවස සහ ඉඩම තමන්ට විකුණු බවත් තමන් එහි පදිංචි යන බව පවසමින් පොලිසියට පැමිණ තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
එලෙස නොයන ලෙසත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව විමර්ශනයක් පවත්වන බවත් පොලිසිය දැනුම් දී තිබිණි.
අදාළ පැමිණිල්ල අනුව එම නිවසට ගිය පොලිස් නිලධාරියකු අමතා එහි සිටි පුද්ගලයකු වෛද්‍යවරයා ගේ සියලු කටයුතු වසර ගණනාවක් තිස්සේ තමන් සිදු කළ බවත් ඔහු ජීවත්ව සිටියදී ඇටෝර්නි බලපත්‍රයක් මගින් මෙම නිවස සහ ඉඩම තමන් වෙත පවරා තිබූ බවත් කැලිෆෝනියාවේ වෙසෙන ඔහුගේ පුතු ඉල්ලූ අවස්ථාවක ලබා දෙන බවට පොරොන්දු මත එම බලපත්‍රය තමන් වෙත වෛද්‍යවරයා ලබා දුන් බව එම පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කරමින් එම බලපත්‍රය ද පෙන්වා තිබූ බව පොලිසිය පවසදයි
ඒ අනුව අදාළ පැමිණිලි විභාගය අද දිනට (13) යොදා තිබූ පොලිසිය කියයි
පිරිසක් නිවසකට ඇතුළු වී කලබලයක් සිදුවන බවට පොලීසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ බොරැල්ල පොලිසියේ නිලධාරීන් එම නිවස කරා යාමේදී සැකකාර කාන්තාව සහ පුද්ගලයන් 6 දෙනෙකු සිට ඇති අතර ඔහුන් අත්අඩංගුවට ගෙන නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන්ට ගිනි අවියක් වැනි දෙයක් එල්ල කර නිවසින් යන ලෙස මරණීය තර්ජනය කළ බවත් පවසා තිබිණි
ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් පරික්ෂා කිරීමේ දී එක් පුද්ගලයෙකු සන්තකයේ තිබී සෙල්ලම් පිස්තෝලය සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.
අදාල පුද්ගලයන් පොලිසියට රැගෙන විත් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මිය ගිය පාතාල නායක වනාතේ ඕල්කට් නමැත්තාගේ පුංචි අම්මා වන සැකකාර කාන්තාව ගේ ඉල්ලීම මත තමන් එම නිවසට කඩා වැදුණු බවට ප්‍රකාශ කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් බොරැල්ල වනාත පාර පදිංචිකරුවන් ය.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශ්‍රියාරත්න කුරුප්පුආරච්චි පරීක්ෂණ පවත්වයි.

0 Comments