නැවතත් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර...

 


රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඔඩෙසා ප්‍රාන්තයේ මිලියන 1.5කට අධික ජනතාවට විදුලි බලය විසන්ධි වී ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.


ඔහු පැවසුවේ ඊයේ (10) එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන විනාශ වී ඇති බවය.


යුක්‍රේනයේ බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියාව දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටි.


මෙම තත්ත්වය තුළ සීත සෘතුවේදී යුක්‍රේන වැසියන් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Post a Comment

0 Comments