ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට ලබාදුන් දෙහිවල හා රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරය ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු බලාපොරොත්තුවෙන් සිට ඇත්තේ කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දෙහිවල හා රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයට පත්වීම් ලිපිය භාර දෙද්දී එය භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තමන් පදිංචිව සිටින්නේ කඩුවෙල නිසා තමන්ට රත්මලාන ආසනය අවශ්‍ය නැති බවයි.
මෙම තත්වය මත කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පත්කිරීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් නිර්මාණය වී තිබේ.


0 Comments