මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රී සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන 18 වනදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවයි.
විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම මෙලෙස තහනම් වනු ඇත.
විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

0 Comments