කරවල වේලන යන්ත්‍ර වේලේයි...


සෞභාග්‍යා ධීවර ගම්මාන නඟාසිටුවීමේ වැඩසටහන යටතේ ධීවර සමිති වෙත ලබාදුන් රුපියල් ලක්ෂ 40කට අධික වටිනා කරවල වේලීමේ යන්ත්‍ර දෙකක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වසරකට අධික කාලයක සිට පානදුර ධීවර වරාය පරිශ්‍රය තුළ දිරාපත් වෙමින් පවතින බව ධීවරයෝ පවසති.


මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සෞභාග්‍යයා වැඩසටහනට සමගාමීව ධීවර ගම්මාන නගා සිටුවීමේ වැඩසටහන යටතේ මෙම යන්ත්‍ර දෙක ලබාදී තිබුණි.


මේ වන විට එම යන්ත්‍රවල ක්‍රියාත්මක මෝටරය ඇතුළු ඇතැම් වටිනා කොටස් මල බැඳී දිරාපත් වීමේ අවධානමක් පැනනැගී ඇතැයි ධීවරයෝ පවසති.


"රජයේ නිලධාරීන් මෙම යන්ත්‍ර දෙන්න ඕන තැන්වලට නෙමෙයි දීලා තියෙන්නේ. මෙම ධීවර වරායට මත්ස්‍ය අස්වැන්න අතිරික්තයක් එන්නෙ නෑ. මාළු කරවල කරනවා තියා විකුණ ගන්න තරමටවත් මත්ස්‍ය අස්වැන්න ලැබෙන්නේ නෑ

එක්දින ධීවර බෝට්ටු තමයි තියෙන්නෙ. අවුරුද්දක් වෙනවා එක මාලුවෙක් කරවල කරලා නෑ.මේවා තමයි ජාතික අපරාධ.වගකිවයුත්තෙක් නෑ සොයා බලන්න කවුරුත් නෑ, අන්තිමට දුප්පත් අපෙන් තමයි. මේවට සල්ලි යන්නේ, අපේ ආර්ථිකය එතකොට හොඳට නගා සිට වෙනවා. යැයි ධීවරයෝ පැවසූහ"


මෙම පුවත මාධ්‍ය දැනුවත් වී ඇති බව දැනගත් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  සහකාර අධ්‍යක්ෂක සුනේත්‍රා ගීතාංජලී මහත්මිය -


"ඔය යන්ත්‍ර දෙක ගෙනල්ලා තියෙන්නේ එගොඩ උයන ධීවර සමිතියට සහ අඟුලාන ධීවර සමිතියට ලබා දෙන්නයි.

ගැටලුවක් තිබුන නිසා.දෙන්න බැරි වුණා වුනා දැන් ඒ ගැටලුව නිරාකරණය වෙලා තියෙන්නෙ. පසුගිය කාලයේ ප්‍රශ්න ඇති වුණා, ඉතිං මාළු ගෙනල්ලා හෝ එම යන්ත්‍ර වලින් කරවල කරලා මොරටුව කරවල නගරයක් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ"

Post a Comment

0 Comments