හැරී සහ මෙගන් දෙදෙනා සහ රජ පවුල අතර ඇති ආතතිය මේ වනවිට රහසක් නොවේ. මෙම පසුබිම තුළ ඉහත කී වාර්තා වැඩසටහන්වලින් මේ දෙදෙනා නැවතත් රජ පවුල වෙත චෝදනා එල්ල කරනු ඇති බවට අදහස් පළ වේ. මෙයට කලකට පෙර සුප්‍රකට මාධ්‍යවේදිනි ඔප්රා වින්ෆ්‍රි මොවුන් සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ද ඔවුන් රජ පවුල වෙත විවිධ චෝදනා එල්ල කළ අතර එයින් විශාල ආන්දෝලනයක් ඇති විය. ඉදිරියේදී විකාශය කිරීම නියමිත නෙට්ෆ්ලික්ස් වැඩසටහන් නිසාද මෙවැනිම ආන්දෝලනයක් ඇති විය හැකි බවට අනාවැකි පළ වී තිබේ. මෙගන් වරක් පැවසුවේ රජ පවුල සමග ජීවත් වූ කාලයේ මුහුණ දුන් විවිධ පීඩනයන් නිසා තමාට දිවි නසා ගැනීමේ සිතිවිලි පවා පහළ වූ බවයි.
රජ පවුල පමණක් නොව මාධ්‍ය පවා ඔවුන් දෙදෙනාගේ විවේචනයට ලක්විය හැකි බව ඇතැම් පාර්ශ්ව පවසා තිබිණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය තමුන්ට අසාධාරණ ආකාරයෙන් සැලකූ බව හැරී සහ මෙගන් නිතර පවසා ඇති කතාවකි. නෙට්ෆ්ලික්ස් වැඩසටහන්වලදී හැරී මෙගන් දෙදෙනා රජ පවුල වෙත අසත්‍ය චෝදනා එල්ල කළහොත් විලියම් කුමරු නිහඬව නොසිටිනු ඇතැයි රජ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කර තිබේ. ඔහු එවැනි චෝදනාවලට එරෙහිව පියවර ගැනීමට ඉඩ ඇති බවද ඔවුන් පවසා තිබිණි.
මෙම වාර්තා වැඩසටහන් පෙළ නම් කර ඇත්තේ Harry & Meghan යනුවෙනි. ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ එය හෙට (08 වැනිදා) සිට විකාශය වනු ඇති බවය. නමුත් එය මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැත.
හැරී- මෙගන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයේ ආරම්භක යුගය ගැන මෙතෙක් හෙළි නොවූ තොරතුරුද මෙම වාර්තා වැඩසටහන් තුළින් ප්‍රේක්‍ෂකයන් හමුවට එනු ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එමෙන්ම පසු කාලයේ ඔවුන් මුහුණ දුන් විවිධ අභියෝග, රජ පවුලේ කටයුතුවලින් ඈත්වීමට තුඩුදුන් කාරණා ගැන මෙන්ම මේ වනවිට ඇමරිකාවේ කැලිෆෝනියාහි ගත කරන ජීවිතය ගැනද බොහෝ තොරතුරු මෙයින් අනාවරණය වනු ඇත. මෙගන්ගේ මව ඩෝරියාද මෙම වාර්තා වැඩසටහන්වල පෙනී සිටිනු ඇති බවත්, ඇය එවැනි වැඩසටහනක පෙනී සිටින පළමු අවස්ථාව එය වනු ඇති බවත් පැවසේ.
0 Comments