ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශගත කිරීම නතර කරන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අමාත්‍යවරයා එම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් අද දින (18) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

0 Comments