ගම්පහ පාසලක කැන්ටිමේ මත්ද්‍රව්‍ය...

 





ගම්පහ පාසලක ආපන ශාලාව තුළ සඟවා තිබූ මත් කරල් 37ක් සහ කුඩා ප්‍රමාණයේ අයිස් මත් පැකට් 7ක් සමග එම ආපන ශාලාව පවත්වාගෙන යන කාන්තාව ඊයේ ( 5) අත්අඩංගුවට ගෙන තිබේ

මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්ව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මල්වතු හිරිපිටිය පොලිසිය සඳහන් කළේ ලද තොරතුරක් මත ඊයේ ( 5) උදෑසන පාසලේ ආපන ශාලාව පරීක්ෂාවට ලක්කර බවයි

එහිදී ආහාර ප්‍රදර්ශනය කර තිබෙන ෂෝකේස් එක යට සුරක්ෂිතව සඟවා තිබියදී මත් කරල් 37ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් පොලිසිය සොයාගෙන තිබේ.



අත්අඩංගුවට ගත් සැකකාරිය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද ( 6) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Post a Comment

0 Comments