ඉන්දියාව සමග "ඉන්දීය රුපියල්" යොදාගෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවටත් ලබාදීමට එරට මහ බැංකුව අනුමැතිය ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව රුසියාව සහ මුරුසියට ද එම අනුමැතිය හිමිවී තිබුණි.
ඒ අනුව එම රටවල් ඉන්දීය රුපියල් ඔස්සේ ගනුදෙනු කිරීම සදහා "වොස්ට්‍රෝ" නම් ගිණුම් වීවෘත කිරීමට එකඟවී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
වෙළෙඳ ගනුදෙනු සඳහා අමෙරිකානු ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල් යොදාගැනීමට ශ්‍රී ලංකාවටත් හැකියාව ලැබෙයි.
ඉන්දීය රිසව් බැංකුව විසින් මෙම ක්‍රමවේදය පසුගිය ජූලි මාසයේදී ස්ථාපනය කළේය.


0 Comments