ජනපතිගෙන් රජයේ සේවකයින්ට අවවාදයක්...

 

මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. 


අද (15) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.


රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇතිකර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවද ජනාධිපතිවරයා පැවසීය.


රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පළිහක් කර ගත යුත්තේ, ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බවත් , රජයක් ලෙස සියලු දෙනා එක්වී ජනතාවට සේවය කළ යුතු බවත් , ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments