බස් රථවලට නිසිලෙස මගීන් නොමැති විම නිසා දෛනික ආදයම අඩුවෙමින් තිබෙන බවත් මේ නිසා සති අන්තයේ හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල බස් රථ ධාවනය කිරිම 50% ක් අඩු කිරිමට කටයුතු කරණ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි.
සතියේ දිනවල ඇතැම් කාලවෙලාවවන් තුල මගී ජනතාව විශාල ලෙස අඩු බවත් මිට අමතරව සෙනසුරාදා ඉරිදා හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල බස් රථවලට නිසි ලෙස මගින් නොමැති බවත් මේ නිසා මෙම දිනවල බස් රථවලින් 50% ක් පමණ ධාවනය කිරිමට කටයුතු කරණ බවද පවසා සිටියේය.
ඉන්ධන මිල ඉහල යාම නිසා බස් රථවල දෛනික අදායමෙන් 35% ත් 40% ත් අතර මුදලක් ඉන්ධන සදහා වියදම් වන බවත් මිට අමතරව කෙටිගමන්සේවා බස් රථයකට දෛනිකව රුපියල් තුන්දහස් පන්සියත් හාරදහසත් අතර මුදලක් හා දුරගමන් සේවා සදහා රුපියල් හත් දහසත් නවදහසත් අතර මුදලක් හා සුඛෝභබෝගි බස් රථයක් සදහා රුපියල් දසදහසත් දොලොස් දහසත් අතර මුදලක් නඩත්තු හා ටයර් ටියුබ් ක්ෂය විම සදහා වෙන් කිරිමට සිදුවන බවද සදහන් කලේය
අමතර කොටස් මිල හා සේවා කටයුතු සදහා අයකරණ මුදල් ප්‍රමාණය තුන් හතර ගුණයකින් ඉහල ගොස් තිබෙන බවත් මිට අමතරව ලිහිසි තෙල් මිල ඉහල යාම් හා සේවක වැටුප් ඉහල යාම නිසා බස් රථ සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇතිවි තිබෙන බවද පවසා සිටියේය
කුඩා වාහන අධික ලෙස මාර්ගවලට පැමිණිම නිසා සතියේ වැඩකරණ දිනවල බොහෝ ප්‍ර දේශවල මාර්ග තදබදයක් ඇතිවි තිබෙන බවත් ප්‍රවාහනය සම්බන්ධයෙන් අමාත්‍යංශයක් හා ජාතික ගමනා ගමන කොමිසම හා පළාත් නවයට අධිකාරි 09 පිහිටුවා තිබුණත් මෙම ගැටළුවට කිසිදු විසිදුමක් ලබාදිමට නොහැකි වි තිබෙන බවද සදහන්කළේය
මිට අමතරව එකාබද්ධ කාලසටහන් ක්‍රමයවත් තමත් සකස් කර ගැනිමට මෙම ආයතනවලට නොහැකි වි තිබෙන බවත් එහෙත් මෙම ආයතන නඩත්තු කිරිම සදහා වාර්ෂිකව අතිවිශාල මුදලක් වැයකරණ බවද පවසා සිටියේය
0 Comments