ගාලු මුවදොර පැවැති "ගෝඨා ගෝ ගම" අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.
ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර පැවැති "ගෝඨා ගෝ ගම" අරගල භූමියට කඩාවැදී පහරදීමේ සිද්ධිය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනයවූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජුනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.
ලහිරු චානක ඇතුළු අරගලකරුවන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.


0 Comments