නීති විරෝධීව ගෙන් වු දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට...

 

තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමග වාප්පු ලිපිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.


පොලීසිය පැවසුවේ සැකකරුවන් සන්තකයේ තිබී දුම්වැටි දෙදහස් පන්සියයක් පමණ පොලිස් භාරයට ගත් බවයි.


දුම්වැටි තොගයක් විකිණීමට පුද්ගලයෙක් රැගෙන එන බවට වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලබා දුන් තොරතුරක් මත දුම්වැටි රැගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.


අනතුරුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වාප්පු ලිපිකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


අත්අඩංගුවට සැකකරුවන් රාගම පදිංචිකරුවෙකි.

Post a Comment

0 Comments