පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගත කරයි...

 



අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් යළිත් ඇතිවූ උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ (06) ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුව අධික උණ තත්වයකින් පෙළීම නිසා යළිත් රෝහල්ගත කළ බව සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් අතරවාරයේ රාජ්‍ය දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උන්වහන්සේ ඊයේ ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Post a Comment

0 Comments