විදෙස් රටවල් කීව පලියට ලංකාවේ සංස්කෘතිය විනාශ කරන්න දෙන්නේ නෑ.!

 

විදෙස් රටවල පරංගි ඇවිත් කී පලියට නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා ආදිය ලංකාවේ සංස්කෘතියට එක්කිරීමට ඉඩ දිය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කරයි.

එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ ලෝක බැංකුවෙන් හෝ සදහන් කරන පලියට ලංකාවට නොගැලපෙන නීති ක්‍රියාත්මක කිරීම හිඟා කන වැඩක් බවද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කරයි.

ලංකාවේ උතුම් බුදුදහමෙන් පෝෂණය වූ සීලාචාරකම හා සංස්කෘතිය විනාශ කිරීමට ඔවුන්ට ඉඩදිය නොහැකි බවද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කරයි.

ලංකාව තුළ එවැනි මෝඩ දේ කිරීමට ඉඩනොදෙන ලෙස තමන් සංඝයා වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කරන බවද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි සදහන් කරයි.

Post a Comment

0 Comments