LPL තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද...

 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබේ.


ඒ, ජැෆ්නා කිංග්ස් - කැන්ඩි ෆැල්කන්ස් අතර තරගය සහ කලම්බු ස්ටාර්ස් සහ දඹුල්ල අවුරා අතර තරගයයි.


ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.00ට පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතයි.


 කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතව තිබේ.


මේ වන විට ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්ව තිබේ.


ඔවුන් හිමිකර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8කි.


දෙවන ස්ථානයේ පසුවන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8ක් හිමිකර ගෙන ඇත.


ප්‍රසාද ලකුණු 4ක් හිමිකරගෙන සිටින ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවේ.


කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සිව්වන ස්ථානයේ රැදී සිටියි.


ඔවුන් හිමිකර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4කි.


දසුන් ශානක නායකත්වය දරණ දඹුල්ල අවුරා කණ්ඩායම කිසිදු ප්‍රසාද ලකුණක් මෙතෙක් ලබාගෙන නොමැති අතර, ඔවුන් පස්වන ස්ථානයේ රැදී සිටියි.

Post a Comment

0 Comments