ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග දෙක අද (19)දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
අද දිනයේ පළමු තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
එම තරගය පස්වරු 3.00ට කොළඹ. ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්වෙනු ඇත.
දෙවන තරගය රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතව තිබේ.
ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම සමගයි.
එම තරගය ද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.


0 Comments