විදුලි බිල වැඩි කල යුතුයි.. PUCSL සභාපති ගැන පරීක්‍ෂණයක් කල යුතුයි..- ජනපති...

 



මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතු ද යන්න තීරණය කරන්නයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ බලය ඇත්තේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩලයට බවද ජනාධිපතිවරයා පැවසීය.

විදුලි ගාස්තු වැඩි කිරීමට කිසිවෙක් කැමති නැතත් එය සිදු කළ යුතු තත්ත්වයකට පැමිණ ඇති බවද පැවසූ ඔහු ජනප්‍රිය නොවන තීන්දු රට වෙනුවෙන් ගත යුතුව ඇති බවද කියා සිටියේය.

විදුලි බල මණ්ඩලයේ බේරා ගැනීමට රුපියල් බිලියන 400 ක් උපයා ගැනීමට සිදුව ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.

“මේකේ බලය තියෙන්නේ කැබිනට් එකටයි ඇමතිතුමාටයි.මමයි මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත හැදුවේ. ඒහි බලතල මම දන්නවා. මේක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ.

මම දන්නේ නෑ ඇයි ජනතාව නොමග යවන්නේ කියලා. මේ සභාපතිතුමාව හමුවෙන්න තියෙනවා. මට දැන් ඒතුමා ගැනත් කරපු ප්‍රකාශ ගැනත් පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා.

මෙයා කියනවා විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. කොහොමද ආර්ථිකය ගෙන්වන්නේ. එතුමට ඒ ගැන බලයක් නෑ. එතුමට තියෙනවා ව්‍යාපාර විදුලි බිල වැඩිවුණාම එතුමගේ වියදම් වැඩිවෙනවා.

එතුමට කියන්න තිබුණේ, ‘මට මේක බලපානවා. මම ට්‍රිලියම් සමාගමේ සභාපති මේක වැඩිවුණොත් මට බලපානවා. ඒ් නිසා මම මේ රැස්වීමට එන්නේ නෑ’ කියලා. මේකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි.



මන්ත්‍රීවරුන් තීරණය කරන්න ඕන මොකද කරන්නේ කියලා. මේ වගේ හිතලා ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ජනතා කොමිෂමක සභාපති ලෙස ඔබ දැන ගන්න ඕන කොහොමද හැසිරෙන්නේ කියලා. ඒච්චරයි මම කියන්නේ. මටත් එහෙම එකක් තිබුණනම් මමත් කැමති නෑ විදුලි බිල වැඩි කරන්න. මට දැන් ගෙයක් නෑ.”

Post a Comment

0 Comments