වෘෂණ කෝෂ බද්ධ කිරීම වෛද්‍ය විද්‍යාත්මක ව කිසි සේත් සිදු කළ නො හැකි ක්‍රියාවක් බව විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, මෙම සිදුවීම ජනතාව නොමග යැවීම සඳහා සිදු කළ ව්‍යාජ ප්‍රචාරයක් බව යි.
බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිදු කෙරුණු බවට වාර්තා පළ වූ අවයව ජාවාරම සහ වෘෂණ කෝෂ විකිණීමට තැත් කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
වෘෂණ කෝෂ හෝ වකුගඩු වැනි අවයව විකිණීම නීතියෙන් තහනම් ක්‍රියාවක්. වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමේ සත්‍ය අසත්‍යතාව වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට ලක්ෂයක මුදලකට විකිණිමට තැත් කළ බවට තාරතුරු වාර්තා වූවත් එලෙස සිදුකිරීමේ හැකියාව සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක මතය කුමක්දැයි අප විමසා බැලුවා.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අදහස් පළ කළ අතර, එම සංගමය ද පවසන්නේ, එවැනි බද්ධ කිරීම සිදු කළ නො හැකි බව යි.
0 Comments