කොළඹ මහ රෝහලේ ආහාර කිලෝ 1000ක් දෛනිකව ඉවත දැමේ...

 



කොළඹ ජාතික රෝහලේ රෝගීන් සඳහා ලබාදෙන ආහාර කිලෝ ග්‍රෑම් දහසක පමණ ප්‍රමාණයක් දෛනිකව ඉවත දැමීමට සිදුවන බව රෝහලේ ආරංචි මාර්ග පවසයි.


මෙම ආහාර රසවත් නොවීම සහ එහි ගුණාත්මකභාවය පිළිබඳ ඇති ගැටලු හේතුවෙන් මෙලෙස රෝගීන් ආහාර ඉවත දමන බව වාර්තා වෙයි.


දෛනිකව ජාතික රෝහලේ රෝගීන් සඳහා සහල් කිලෝග්‍රෑම් හයසියයක් පමණ බත් පිසීමට යොදා ගනී.


නේවාසික රෝගීන් තුන්දහසක් දෛනිකව රෝහලෙන් ආහාර වේල් තුන ලබා ගන්නා බවද රෝහල් බලධාරිහු කියති.


කෙසේ වුවද සැපයුම්කරුවන් විසින් ජාතික රෝහලට නිසි ප්‍රමිතියෙන් තොර එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය සැපයීමේ තත්ත්වය මත රෝහලේ අරක්කැමියන්ට නිසිලෙස ආහාර පිසීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.


විශේෂයෙන්ම ආහාර රස ගැන්වීමට යොදනු ලබන කුළු බඩු වර්ග නිසි ප්‍රමිතියෙන් තොර බවත් එම නිසා අහාර රසවත් ලෙස පිසීමට හැකියාවක් නැති බවත් රෝහලේ අරක්කැමියන් චෝදනා කරනු ලබයි.


මෙම ආහාර සැපයීමේ ගැටලු සම්බන්ධව බලධාරීන්ට ලිඛිතව දැනුම් දුන්නද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව රෝහල් සේවකයෝ ප්‍රකාශ කරති.

Post a Comment

0 Comments