ඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
යාපනයේ තෛපොංගල් ජාතික උත්සවයට අද (15) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.
"අපි බලන්නේ දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අපේ දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපි කථා කරලා ඒවත් ක්‍රියාකරන්න යනවා. ඉතින් මේ ටික අපි ක්‍රමානුකූලව කරගෙන යමු ඊළඟ අවුරුද්දේ දෙකේදී. අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටවත් සිංහල අයටවක් සීමාවෙලා නැහැනේ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කෝම එකතුවෙලා ගොඩ එන්නට ඕනේ. ඉතින් මේ අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න. ඉතින් මේ සාකච්ඡාවලින් පස්සේ මම විශේෂයෙන්ම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුත්, පාර්ලිමේන්තු පක්ෂ නායකයින් ගෙනල්ලා දෙවැනි වටය ආරම්භ කරනවා. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සම්පූර්ණ සමාජයට අන්තර්ගත කරලා. අපි ඒ අයට සිංහල දෙමළ මුස්ලිම් අය විඳින අයිතිවාසිකම් හා සමාජයේ ලැබෙන භුක්තිය ඒ අයටත් ලබලා දෙනවා."

0 Comments