පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් ගේ තරුණ නියෝජනය 25%ක් කළ යුතු බව කියමින් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව ජනවාරි 17 සම්මත කරගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ඹස්සේ ජන්දය කල්දමා ගැනිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පා.ම දිලිප් වෙදාරචිචි මහාතා පවසයි.
මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අම්බලන්තොට ප්‍රදේශිය සභාව සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජන්දයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ශකයින් දැනුවත් කිරිමේ රැස්වීමකට එක්වෙමින්ය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා,
“පොහොට්ටුවේ මන්ත්‍රිවරු දැන් පිල් කීපයකට බෙදිලා සභා වල හිටපු ඒ අයගේ මන්ත්‍රිවරු බොහොමයක් ජන්දයට ඉදිරිපත් නොවි ඉන්න තීරණය කරලා කියලත් ආරංචියි.අපිට මේ පළාත් පාලන ජන්දයේදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ම ජයග්‍රහනය කිරිමට හැකියාව තිබෙනවා ඒ සදහා සජිත් ප්‍රේමදාස නායකතුමා ගේ මගපෙන්විම යටතේ සුවිශේෂි වැඩපිලිවෙලෙක් ක්‍රියාත්මක කිරිමට සුදානම්.හැම ආන්ඩුවෙම ඇමති දැන් කියනවා පුංචි ජන්දය කල්දාලා ජන්දයට වියදම් කරන්න තියෙන මුදලින් වී මිළදි ගන්නා කියලා ඒ උදවියගේ පක්ශයේ තනතුරු සමාජිකත්වය අහෝසි උනාට පසුව ජන්ද වලට ඉදිරිපත් වෙන්න තියෙන බය නිසා ජන්දය කල්දාන්න කපටි වෑයම් දරනවා.
ඒ වගේම තමයි 2018 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට වියදම් වෙලා තියෙන්නේ රුපියල් බිලියන 3.8 ක්.මේ පාර රුපියල් බිලියන 7.5 ක් වියදම් වෙයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා කියනවා.ඒ උනත් ඇතිවිය හැකි මිල ඉහළ යෑම් සලකා රුපියල් බිලියන 10 ක මුදල් වෙන්කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම භාණ්ඩාගාරයට දන්වලා තියෙන්නේ 2022 වසරේ ඒ අනුව 2023 අයවැයෙන් ජන්දයට මුදල් වෙන්කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ අපේ පරණ නායකතුමා ව්‍යවස්ථා ගැට වලින් ජන්ද කල්දාලා මැතිවරන සිතියම හකුලන්න අති දක්ශයෙක් .
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් ගේ තරුණ නියෝජනය 25%ක් කළ යුතු බව කියමින් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව ජනවාරි 17 සම්මත කරගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ඹස්සේ ජන්දය කල්දමා ගැනිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් ආරංචියි.එම සියලු ප්‍රජානත්ත්‍රවිරෝධී වෑයම් පරාජය කිරිමට පොදු විපක්ශයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදීන් කඩිනමින් එකට එක්ව ක්‍රියාමාර්ග වලට එලඹිම කාලින අවශ්‍යාතාවයක්.”
0 Comments