හෙට දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කරයි...

 



හෙට (12) සිට නැවත දැනුම් දෙනතුරු කෙටි දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


පවතින සේවක හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


ඒ අනුව මධ්‍යම මාර්ගයේ දුම්රිය 20ක්, හලාවත මාර්ගයේ 4ක්, කැලණිවැලි මාර්ගයේ 2ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 16ක් ක්‍රියාත්මක නොවන බව සඳහන් වේ.

Post a Comment

0 Comments