බිත්තරයක් රුපියල් 49 බැගින් අලෙවි කිරීමට කුකුළු ගොවිපොළ හිමියන් තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන්කරයි.
එම මිලට වඩා බිත්තර අලෙවි කරන්නේ නම් එය වෙළෙඳුන්ගේ කටයුත්තක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.
කෙසේ නමුත්,ඊයේ (08 වැනිදා) දිනයේදීද බිත්තරයක් රුපියල් 55 ත් 65 ත් අතර මිලකට අලෙවි කෙරුණි.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු කියා සිටියේ ආනයනය කරන බිත්තරයක් රුපියල් 45 ක් වැනි මිලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවය.
0 Comments