අද (07) සිට බිත්තරයක මිල රුපියල් 5කින් අඩුකිරිමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසයි.මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සඳුදා ආරම්භ කරන බවයි.
තව ද, බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද කොළඹ නගරය ආශ්‍රිතව බෙදාහැරීම සඳහා බිත්තර ලක්ෂ 10ක් රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් බිත්තර ආනයනය කිරීමේ වගකීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පවරා දී තිබේ. ඒ අනුව, බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරා ගැනීමේ කටයුතු ලබන සතිය තුළ සිදුකර අවසන් කරන බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.
කෙසේවෙතත්, සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය අද සිට බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ.මේ අතර, ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ බිත්තර ආනයනය වෙනුවට ඊට සුදුසු ආදේශකයක් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.
0 Comments