සයමස් බිළිඳා ඇතුළු 6දෙනෙකුට මරු කැඳ වූ වෙඩි තැබීම...

 

කැලිෆෝනියාවේ නිවසක් තුළ මාස 06ක් වයසැති බිළිදෙකු ඇතුළු හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.


ඝාතනයට ලක්ව ඇති 06 දෙනා අතර සයමස් බිළිඳාගේ 17 හැවිරිදි මවද සිටින බව සඳහන් වේ.


මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ආරවුලක් ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ඝාතනය සිදු වන අවස්ථාවේ නිවස තුළ පුද්ගලයින් 08 දෙනෙකු සිට ඇති අතර, දෙදෙනෙකු නිවස තුළ සැඟ ව සිට තිබේ.


ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වන විට පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


Post a Comment

0 Comments