ගම්පොළ මහනුවර මාර්ගයේ පෞද්ගලික බැංකුවක යන්ත්‍රයක් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෑන් රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් මෙම යන්ත‍්‍රය පටවාගෙන ගොස් ඇත.
බැංකුවේ ආරක්ෂක නිලධාරියා ගැට දමා මෙම කොල්ලය සිදු කර ඇතැයිද පොලිසිය කියයි.
සැකකරුවන් ගමන්ගත් වෑන් රථය තුළ රියදුරාව ගැට ගසා පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.
ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමි සිටී.


0 Comments