අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ සිරුරු වළකින් එළියට ගනී...

 



මාවනැල්ල පොලිස් වසමේ කිරිංගදෙණිය හා කෙරමිණිය ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු ඝාතනය කොට රඹුක්කන හුරුමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා ඇතැයි කියන තොරතුරකට ඊයේ (12) අදාල මළ සිරුරු දෙක ගොඩ ගැනීම කෑගල්ල මහේස්ත්රාරත් වාසනා නවරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


මාවනැල්ල පොලිස් වසමේ කිරිංගදෙණිය පදිංචිව සිටි 28 හැවිරිදි මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාන් හා සාපියා වත්ත පදිංචිව සිටි 26 හැවිරිදි මොහොමඩ් නෆ්පාස් මොහොමඩ් අලී නැමැති තරුණයින් දෙදෙනා නොවැම්බර් 18 වන දින හා 25 දින සිට අතුරුදන්ව ඇති බව පවසා මව්පියෝ දෙසැම්බර් 07 දින මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු බව මාවනැල්ල පොලිසිය පැවසීය.


එම පැමිණිල්ලේ දී මව්පියන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තම දරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය අලෙවි කරන බවත් රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකුගෙන් මත්ද්‍රව්‍ය මිලට ගන්නා බව දැන සිටි බවත්ය. 


මාවනැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ද දැනුම් දීමක් කර තිබේ. මාවනැල්ල පොලිසිය හා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය දිගින් දිගටම විමර්ශන කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේ දී ඉකුත් 08 වැනිදා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරකට අනුව මූලික විමර්ශනයකින් අනතුරුව ආදාල නිවසට දැඩි ආරක්ෂාවක් සපයා කෑගල්ල මහේස්ත්රාධත් අධිකරණයට පොලිසිය මගින් කරුණු වාර්තා කර තිබේ.


පසුව කෑගල්ල මහේස්ත්රාරත් වාසනා නවරත්න මළ සිරුරු වළ දමා ඇතැයි කියන නිවසට ගොස් මුලික විමර්ශන කටයුතු ආරම්භ කෙරිණ.


මළ සිරුරු වළ දමා පස් වලින් වසා ඊට උඩින් අගල් තුනක පමණ කොන්ක්රීඉට් තට්ටුවක් දමා ඇති අයුරු දක්නට තිබූ අතර පසුව කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය් නිලධාරි වෛද්ය් සමන්ත විජේරත්නගේ අධීක්ෂණය යටතේ කොන්ක්රීවට් තට්ටුව කපා ඉවත් කර කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් මළ සිරුරු වළ දමා ඇතැයි කියන ස්ථානයේ පස් ඉවත් කර තිබේ.


අඩි 4 ක් පමණ පස් ඉවත් කරන අවස්ථාවේ දී ඉටි උරයකට බහා තිබුණු මළ සිරුරු කොටස් සොයා ගැනීමට හැකි විය. පසුව ඉටි උරය පොලිස් නිලධාරින් විසින් ගොඩට ගෙන කෑගල්ල මහ රෝහලට යැවීමට කටයුතු සිදු කෙරිණ.


මළ සිරුරු වළ දමා තිබුණු නිවසේ හිමිකරු කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුක් බවත් ඝාතනයට ලක්ව ඇති තරුණයින් දෙදෙනා ඔහු ගෙන් මත්ද්‍රව්‍ය ගෙන මුදල් ගෙවා නොමැති අවස්ථාවේ දී ඝාතනය කොට නිවස පිටුපස වළක් කපා පස් දමා අගල් තුනක පමණ කොන්ක්රීාට් තට්ටුවක් යොදා කුකුල් කූඩයක් ඒ මත තබා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

Post a Comment

0 Comments