හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ.
“අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත වෙයි.
අස්වනු කපා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පිදීමටත්, ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැලකීමත් අරමුණු කරගෙන මෙම උත්සවය පැවැත්වේ.
හින්දු දින දර්ශනයට අනුව උදාව යන්න අර්ථවත් කරමින් තෛපොංගල් ලෙස සමරන මෙම උත්සවය ලොව පුරා දමිළ ජනතාවගේ ආගමික, සමාජීය හා සංස්කෘතික බැඳීම් විදහාපානු ලබන බවයි හින්දු ආගමික නායකයින් පවසා සිටී.

0 Comments