කරදර ඉවසන්න බැරුව පියා පුතුව අවසන් ගමන් යයි...

 



පවුල් ආරවුලක් හේතුවෙන් අනුරාධපුර, සාලියපුර - තෙප්පන්කුලම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ දී පියකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පුත්‍රයා ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු විසි පහක් පමණ වයසේ පසුවූ පාදයක් ආබාධයකට ලක්ව සිටි තරුණයෙකි.මෙම ඝාතනය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර එම ඝාතනයට සම්බන්ධ සැකකාර පියාව මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ ඝාතනයට ලක්වු මෙම තරුණයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකු බවත් නිරන්තරව එම තරුණයා සිය මව, පියා සහ සහෝදරයින් සමග ආරවුල් ඇති කරගන්නා බවය. ඝාතනයට ලක්වූ තරුණයා අසල්වැසියන්මෙ සමග ද ආරවුල් ඇතිකර ගන්නා පුද්ගලයකු බැවින් මෙම නිවස තුළ සිදුවන ආරවුල්වලදී ඊට කිසිවෙකු මැදිහත් නොවන බව ද ඔවුන් පවසයි.ඊයේ රාත්‍රියේ දී ද බීමත්ව සිටි මෙම තරුණයා සිය මවට පහර දෙමින් සිටින අවස්ථාවේ ඊට මැදිහත් වූ පියාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට උත්සාහ කිරීමේදී මෙම ඝාතනය සිදුවී ඇති බවට සැක කරන බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.


මේ වන විට ඝාතනයට ලක්වූ ලක්වූ තරුණයාගේ සිරුර අනුරාධපුරය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

Post a Comment

0 Comments