රදැල්ල අනතුරින් තර්ස්ටන් කිසිවෙකුට අනතුරක් නෑ..- සමාජ ජාල සැනසෙති…

 


ඊයේ රාත‍්‍රියේ නුවරඑළිය නානුඔය රදැල්ල ප්‍රදේශයේ දී බස් රථයක්, වෑන් රථයක, ත‍්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් තිබේ.

පාසැල් සිසුන් ඇතුළු 53 දෙනෙකු ප‍්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇත.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑලිය ප්‍රදේශයට ගොස් ආපසු එන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇතැ.

අනතුර හේතුවෙන් වෑන් රථයේ ගමන් කළ 6 දෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියැදුරා මියගොස් තිබේ.

මියගිය අතර පාසල් යන වයසේ දරුවන් තිදෙනකු ද වෙයි.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය කිසිදු දරුවකුට අනතුර හේතුවෙන් අසාධ්‍ය තත්වයක නොමැති බව තහවුරු වී තිබේ. තර්ස්ටන් විද්‍යාලය කිසිම දරුවකුට අසාධ්‍ය නොවීම නිසා සමාජ ජාලවල ඇතැම් පුද්ගලයන් විසින් ඒ ගැන සිය සොමිනස පල කරමින් ඇත.

Post a Comment

0 Comments