භාණ්ඩ වර්ග රැසක් ආනයනය අත්හිටුවයි...

 

තවත් භාණ්ඩ වර්ග කිහිපයක ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.


ඒ 2023 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක ආනයන අපනයන පාලන රෙගුලාසි ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.


ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.


  •  තක්කාලි, ලීක්ස්, වට්ටක්කා, බතල, මඤ්ඤොක්කා, පිපිඤ්ඤා, බෝංචි, ළුෑණු ඇතුළු එළවලු වර්ග

  •  පේර, අඹ, පැණි කොමඩු, අලිගැටපේර, ස්ට්‍රෝබෙරි ඇතුළු පළතුරු වර්ග

  • බිම් මල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන

  • පපඩම් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන

  • දුඹුරු නිවුඩු සහල්, කුරක්කන් ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන

  • රට ඉඳි, ග්‍රීන් පීස්, කජු, සෝයා බෝංචි නිෂ්පාදන

  • පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන

  • ෂැම්පු, කොණ්ඩා ආලේපන හා වර්ණක, පවුඩර්, තොල් ආලේපන, ඇස් ආලේපන මෙන්ම, සුවඳ විලවුන්

  • පිරිමි ඇදුම්, කාන්තා අත් ඔරලෝසු , ඇදුම්, පාවහන්, ලෙදර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන

  • සෙරමික් සහ මුළුතැන්ගෙයි උපකරණ 

Post a Comment

0 Comments