සමෘද්ධි දීමනාව සමග ලබාදෙන අනකුත් වරප්‍රසාද ඉවත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සමෘද්ධි සහනධාරය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බවය.
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ,
"නැතිබැරි අය අමාරු අය බලාගන්න ඕන. ඒ අයව සවිබල ගන්වන්න ඕන. ශක්තිමත් කරන්න ඕන, ඒ අයව ස්වයංව නැගිටින තැනට ගේන්න ඕන. එහෙම නැතුව දේශපාලන අවශ්‍යතාව මත දේශපාලන යාන්ත්‍රනයක් විදියට සමෘද්ධිය තියාගෙන යන්න දෙන්නේ නෑ. සමෘද්ධිය හා බැඳුනු මේ අනෙකුත් අනෙකුත් අනෙකුත් කාරණා අයින් කරන්න මම ජනාධිපති තුමාට ගිහිල්ලා කතා කළාම මට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. සමෘද්ධිය දෙන්න ඕන අයට සමෘද්ධිය දෙන්න ඕන. සුදුසු අයට සමෘද්ධිය දෙන්න ඕන. අදටත් සමෘද්ධිය නොහම්බවෙන, ඒත් තවත් අපහසුතා තියෙන අයට උදව්කරන්න ඕන. හැබැයි අර සම්බන්ධ කරලා තියෙන දේවල්. අනෙකුත් වරප්‍රසාද අයින් කිරීම වෙනුවෙන් මට කවුරු බැන්නත් මම පෙනී ඉන්නවා."

0 Comments