මෙවර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක පිරිස වෙත ලබාදුන් මුදල හිමිවීමට තිබූ දෙයක් බව එහි අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.
එම සේවක සංගමයේ පරිපාලන ලේකම් නිසල් අධිකාරි මහතා පෙන්වා දෙන්නේ මෙම බෝනස් මුදල ලබාදීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම රජයට කිසිදු අලාභයක් සිදු කරනු නැති බවත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන නැති බවත්ය.
කොරෝනා සමයේ පවා ජීවිත අවදානම් දරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවැති තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීමට කාර්යමණ්ඩලය ඉමහත් සේවාවක් කළ බවත් එනිසා මෙම බෝනස් මුදල් ඔවුන්ට හිමිවිය යුතු බවත් ඔහු පැවසීය.
මෙසේ බෝනස් මුදල ලෙස ලබා ගත්තේ පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ආයතනයේ සේවකයන් ඉතා දුක් මහන්සියෙන් උපයා දුන් මුදල් බවත් අධිකරණ නියෝගයකින් වවා එම අයිතිය තහවුරු කරගත් ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
0 Comments