ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ භූ කම්පනයක්...

 

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබේ.


රිච්ටර් මාපකයේ ඒකක 6.0 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඉන්දුනීසියානු වේලාවෙන් උදෑසන 6.30ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබේ.


භූ කම්පනයෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Post a Comment

0 Comments