බම්බලපිටිය පොලිස්ථානයේ කොට්ඨාස බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව බම්බලපිටිය පොලිස් අපරාධ විමර්ශන අංශය සිදු කළ වැටලීමකින් වටිනා භාණ්ඩ රුසක් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම බම්බලපිටිය කොල්ලුපිටිය පොලිස් වසම්වලින් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුව නඩු භාණ්ඩ රැසක් සොයා සොයාගැනීමට පොලිසියට හැකි වී ඇත.
ඒ අතර සොර බඩු මිලදී ගන්නා අය සතුව තිබී වටිනා ජංගම දුරකථන, ලක්ෂ අටහමාරකට ආසන්න වටිනා ඔරලෝසුවක් සහ ලක්ෂ හයහමාරක් වටිනා අත් ඔරලෝසු දෙකක් ද සොයාගෙන තිබේ.
එමෙන්ම ලැප්ටොප් පරිගණක, විදේශීය මුදල් ,ජංගම දුරකථන, රත්‍රං භාණ්ඩ ,කැමරා උපකරණ ඇතුළු වටිනා භාණ්ඩ වල දල වටිනාකම ලක්ෂ තිහක් ඉක්මවන බවයි පොලිසිය පවසන්නේ.
මේ පිළිබඳව පිළිබද වැඩිදුර පරීක්ෂණ බම්බලපිටිය පොලිසිය සිදුකරනු ලබයි.
0 Comments