ජනතාවට ගුණාත්මක ජලය දෙනවා..- නව ජල ඇමති වැඩ අරඹමින්..

 


ජනාධිපතිතුමන් ඉදිරියේ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් ජීවන් තොන්ඩමාන් මහතා (19 ) ජල සම්පාදන අමාත්‍යාංශයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

ලංකා කම්කරු කොන්ග්‍රස් පක්ෂයේ මහලේකම් වන ඔහු නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයෙකි.

පොදු මහජනතාවට  ගුණාත්මකභාවයෙන් ඉහල පිරිසිදු පානීය ජලය ලබා දීම තම අරමුණ බවත් ඒ සඳහා අමාත්‍යංශ යටතේ ඇති සියලු ආයතනයන්හි නිලධාරීන්ගේ පුර්ණ සහයෝගය  බලාපොරොත්තු වන අතර අප සියලු දෙනාම එකමුතුව මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා කටයුතු කරමු යැයිද  අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් සමග සාකච්ජා කරමින් අමාත්‍යවරයා පැවසීය.


මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර

අධ්‍යක්ෂ – මාධ්‍ය

Post a Comment

0 Comments