සීතාවක/ අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය කටයුතු කර ඇත.
මෙහි සමාරම්භය ලෙස මේ මස 15 වැනිදා පෙ. ව. 6.30ට ‘‘සීතාවක ඔඩ්සි‘‘ දුම්රිය මහජනතාවට විවෘත කිරීමට නියමිතය.
බිදවැටුනු සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීමට සඳහා බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් වැඩ පිළිවෙලක් ලෙස සීතාවක/අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම හදුන්වාදිය හැකි බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය කියයි.
0 Comments