සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා නොමැති කිසිදුසංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර PCR පරීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
ක්‍රමවේදයක් වලංගු නොවන බව ද ඔහු සඳහන් කළේය.
කොවිඩ් -19 රෝගය හා සම්බන්ධව දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 6 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය තවදුරටත් වලංගු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
"ඉදිරියේ දී ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ට PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් හෝ රැපිඩ් ඇන්ටිජන් කිරීමට අවශ්‍ය නම් අපි විද්වත් කමිටුවේ නිර්දේශ මත හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත එය දැනුම්දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වනවිට අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදියට අපි ලංකාවට එන කිසිදු සංචාරකයෙක් ට එන්නත්කරණය කරගෙන තිබුණත්, එන්නත්කරණය සිදුකර නොතිබුණත් පැය 72කට කලින් PCR පරීක්ෂණය හෝ පැය 48කට පෙර ඇන්ටිජන් පරීක්ෂණය හෝ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් පනවලා නෑ. අපි කලිනුත් කිව්ව විදියට යම් කෙනෙක්ට උණ, හෙම්බිරිසාව, කැස්ස තියෙනවා නම් ලංකාව තුළ දී මුව ආවරණයක් පැලඳගෙන ඉන්න එක වඩාත් සුදුසුයි. එන්නත්කරණය කරලා නැත්නම් ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහින් එන්නත් ලබාගන්න පුළුවන්."
0 Comments