ක්‍රියාත්මක මහ කන්නයේ සති 4 ත් 6 ත් අතර කාලයේ වී වගා බිම්වලට කඩිනමින් බන්ඩි පොහොර යොදන්නැයි කෘෂි විශේඥයින් ගොවීන්ට උපදෙස් දී තිබේ. බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක සඳහන් කළේ, පෝෂණ ඌණතාවයක් මත ගොයම කහ පැහැ ගැන්වීමේ තත්ත්වය වාර්තා වන බවයි.
මේ වනවිට මෙවර මහ කන්නයේ වගාවෙන් 8% ත් 10% ත් ප්‍රමාණයකට කහ පැහැ ගැන්වීමේ රෝගයෙන් බලපෑම් එල්ල වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, පවතින තත්ත්වය අවම කරගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි.

0 Comments