ජනපති ලබන සතියේ ඉන්දියාවට...

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේ ඉන්දියාවේදී පැවැත්වෙන වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමුළුව සඳහා සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව පළමු වතාවට වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමුළුව ලබන 12 සහ 13 යන දෙදින තුළ පැවැත් වීමට නියමිතය.


ජී 20 සමුළුවේ සභාපතිත්වය දරන ඉන්දියාව වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමුළුව සඳහා සහභාගිවන රටවලට සිය අදහස් ප්‍රකාශ කිරිමට අවස්ථාව ලබා දී තිබේ.


වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමුළුව සඳහා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඇතුළු රාජ්‍ය නායකයින් විසි දෙනෙකු සහභාගී වීමට නියමිතය. 

ඇන්ගෝලියා, ඝානා, නයිජීරියා, මොසැම්බික් හා සෙනගල් යන අප්‍රිකානු රටවල නායකයන්, ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය දරන තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල නායකයන් මෙන්ම උස්බෙකිස්ථාන, මොංගෝලියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ පැපුවා නිව්ගිනියා යන රටවල් ඇතුළු රටවල් එකසිය විස්සක රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Post a Comment

0 Comments