ශ්‍රී ලංකා - ඉන්දීය සටනෙන් ඉන්දියාවට ජය...

 

ශ්‍රී ලංකා - ඉන්දීය අවසන් එක්දින තරගය ලකුණු 317ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.


තරගයේ කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 390ක් ලබා ගත්තේය.


ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ විරාත් කෝලි නොදැවී ලකුණු 166ක් රැස් කළේය.


කෝලිගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 8ක් එක්විය.

Post a Comment

0 Comments