උසස් පෙළ විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේය.
2022 උසස් පෙළ විභාගය එළැඹෙන 23 වනදා සිට සිට පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වේ.
කිසියම් අපේක්ෂකයෙකුට වලංගු හැඳුනුම්පත් හෝ ප්‍රවේශ පත්‍රයක් නොමැති වුව ද විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස්වරයා පැවසුවේය.
එමෙන්ම විභාග ගැටලු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුම්දීමට 1911 ක්ෂණික දුරකථන අංකය මෙන්ම, 0112 784 208, 0112 784 537, 0112 785 211 සහ 0112 786 616 යන අංක පැය 24 පුරා විවෘත බව ඔහු පැවසුවේය.

0 Comments