ඕමාන් මිනිස් ජාවාරමේ තිදෙනෙක් අත්අඩංගුවට...

 

ඕමානයට සංචාරක වීසා මත කාන්තාවන් යවා මිනිස් ජාවාරම්වලට සම්බන්ධ වූ බව කියන උප ඒජන්තවරුන් තිදෙනකු විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය ​ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් උප ඒජන්තවරුන් අතර කාන්තාවක්ද සිටින බව විමර්ශන කණ්ඩායම් කියයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග ඕමානයට ගොස් කරන ලද විමර්ශනයේ දී මිනිස් ජාවාරම්වලට හසු වූ කාන්තාවන් ලබාදුන් ප්‍රකාශ මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.


මුල්ලේරියාව, හලාවත, කඳාන පදිංචි මෙම උප ඒජන්තවරුන් මුදල් අයකරගෙන සංචාරක වීසා මත කාන්තාවන් රට පටවන මිනිස් ජාවාරම කර ඇතැයි හෙළි වී තිබේ.


මීට ඉහතදීත් මෙම ජාවාරමට සම්බන්ධ උප ඒජන්තවරුන් තිදෙනකු මෙම ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Post a Comment

0 Comments