පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ එක්සත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක අටවා ගත් පැල්පතක සිටි කාන්තාවක ඇයගේ දේපොළ එළියට ඇද දමා එම පැල්පතට ගිනි තැබීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් එම කාන්තාව කරන ලද පැමිණිල්ලට අනුව මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම පොලිස් කණ්ඩායමේ සිටි උප පොලිස් පරීක්ෂක වරයෙකුට මන්ත්‍රීවරයා පහර ද ීතිබේ.
එහිදී තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
මෙම පැල්පතට ගිනි තැබීමට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

0 Comments