සති අන්තයේ දුම්රිය වර්ජනයකට සැරසෙයි...

 

දුම්රිය දෙපාර්තුමේන්තුව සිදුකර ඇති පාඩු ලබන ගනුදෙනුවකට විරෝධය පලකරමින් මේ සති අන්තයේ දුම්රිය වර්ජනයක් සිදුකිරිමට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් සූදානම් වේ.


මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු විය හැකි බව වෘත්තිය සමිති පෙන්වා දෙයි. 


දුම්රිය නියාමක, රියදුරු හා තවත් ශ්‍රේණි කිහිපයක සේවකයින් විසින් මෙම වර්ජනයට සහාය දක්වා තිබෙන බව දුම්රිය නගා සිටිවීම උදෙසා වෘත්තිය සමිති සන්ධානයේ කැදවුම්කරු ඉන්දික දොඩම්ගොඩ පැවසීය.


දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඇති අබලි යකඩ මෙට්‍රික් ටොන් 300 ක් මෙරට ප්‍රධාන පෙළේ යකඩ සමාගමකට කිලෝවක් රුපියල් 42 ක පාඩු ලබන අගයකට ලබාදීමට සැරසෙන බවත් මෙකී සමාගම මීට පෙර මෙම යකඩ තොගයම රුපියල් 62 ක මිලකට මිළදී ගැනීමට එකගතාව පලකර බේරුම්කාර මණ්ඩලයක් හමුවේ කරුණු වසං කොට අඩු මිළට ලබාගැනීමට උත්සහා දරා සිටින බවත් හෙතෙම කීවේය.


මෙම යකඩ තොගය මෙම සමාගමට ලබාදීම සදහා දුම්රිය දෙපාර්තුමේන්තුවේ හිටපු ප්‍රධානියෙකු සහ නිති ක්ෂේත්‍රයේ ප්‍රධානම ආයතනයක උසස් නිලධාරියෙකු සහාය වී ඇතැයි ද දුම්රිය වෘත්තිය සමිති චෝදනා කර සිටියි. 


පාඩු ලබන මෙමගනුදෙනුව නවතන ලෙසත් මේ සදහා සහාය වූ දෙපාර්තුමේන්තු ප්‍රධානියා සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් දුම්රිය සේවකයින් ප්‍රවාහන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments