ලොව සාර්ථකත්වය සඳහා බලපෑමක් ඇති කිරීමට හැකි කාන්තාවන් සඳහා වූ පළමු ජාත්‍යන්තර සම්මේලනය ඊයේ(20) ටෙහෙරානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂද සහභාගී විය.
බුර්කිනා ෆාසෝ, කිර්ගිස්තානය, සර්බියාව, ගිනියා, නයිජීරියාව, සිරියාව, ටර්ක්මෙනිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල රාජ්‍ය නායකයින්ගේ බිරින්දෑවරුන්, අමාත්‍යවරුන්, උප ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කාන්තා නියෝජිතයින් මේ අවස්ථාව සඳහා එක්විය.
මෙහිදී සාර්ථක ඉරාන කාන්තාවන්ගේ ජයග්‍රහණ එළිදැක්විමක්ද සිදු කෙරුණි.
මෙහිදී ඉලෙක්ට්‍රොනික උපකරණ, වෛද්‍ය උපකරණ, නව තාක්‍ෂණය, නවෝත්පාදන සහ ගෘහ ව්‍යාපාර වැනි විවිධ ක්ෂේත්‍රවල ඉරාන කාන්තා ව්‍යවසායකයින්ගේ ජයග්‍රහණ ඇගයීමට ලක්විය.
ලොව සාර්ථකත්වයට බලපෑම් ඇති කිරීමට හැකි කාන්තාවන් අගය කිරීම, ඔවුන්ට සහයෝගය දැක්වීම සහ ඔවුන්ගේ වර්ධනයට උපකාර කිරීම සහ ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ අදහස් ප්‍රවර්ධනය කිරීම මෙම සම්මේලනයේ අරමුණ වේ.

0 Comments