ලංකාවේ දරුවන්ට චීනයෙන් නිල ඇඳුම්...

 



2023 වර්ෂයේ පාසල් නිලඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබේ.


මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) විසින් එම රෙදිපිළි තොගය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී අද (13) සිදු කෙරුණි.


සිසුන්ට සෘජුවම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වනවිටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිත ය.


2023 පාසල් අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු 20 වනවිට දිවයින පුරා රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ලක්ෂ 41ක් වූ දරුවන් සහ භික්ෂූන්වහන්සේ වෙනුවෙන් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙහිදී පැවසීය.

Post a Comment

0 Comments